කාශ්මීරයට බලපෑ හදිසි ගංවතුර සහ නායයෑම් තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 164 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
පුද්ගලයින් ගලවා ගැනීමේ මෙහෙයුම් අතරතුර, හෙලිකොප්ටරයක් කඩා වැටී එහි කාර්ය මණ්ඩල සාමාජිකයින් පස් දෙනෙකු ද මියගොස් ඇති බව සඳහන්.
කාශ්මීර කාලගුණ වාර්තාවන්ට අනුව, පවතින අධික වැසි සහිත කාලගුණය අගෝස්තු 21 වන දින දක්වා පැවතිය හැකි අතර කලාප කිහිපයක් ආපදා කලාප ලෙස ප්‍රකාශයට පත්කරමින් අනතුරු ඇඟවීම් ද නිකුත් කර තිබේ.