
සර්බියාවෙන් නිදහස ලබා ගැනීම සඳහා පැවැති යුද්ධයේදී සිදුකරන ලද යුද අපරාධ චෝදනා හතරකට කොසෝවෝ හි හිටපු ජනාධිපති හෂීම් තාචි (Hashim Thaci) වරදකරු බව කොසෝවෝ යුද අපරාධ අධිකරණය විසින් තීන්දු කර තිබෙනවා.
ඒ අනුව ඔහුට වසර 25 ක සිරදඬුවමක් නියම කර ඇත.
1990 ගණන්වල කොසෝවෝ රාජ්‍යය සර්බියාවෙන් වෙන්වීමේදී, ජනවාර්ගික ඇල්බේනියානු 'කොසෝවෝ විමුක්ති හමුදාවේ' (KLA) ඉහළම අණදෙන නිලධාරියා ලෙස කටයුතු කරමින් සිදුකරන ලද මිනීමැරුම්, වධහිංසා පැමිණවීම් සහ නීති විරෝධී ලෙස අත්අඩංගුවේ තබා ගැනීම් ඇතුළු අපරාධ සම්බන්ධයෙන් 58 හැවිරිදි තාචිට මෙලෙස චෝදනා එල්ලව තිබේ.
නෙදර්ලන්තයේ හේග් නුවර පිහිටි කොසෝවෝ විශේෂඥ මණ්ඩලය (KSC) ප්‍රකාශ කළේ, අර්බුදය පැවැති සමයේදී KLA සංවිධානය විසින් දේශපාලන ප්‍රතිවාදීන් සහ සර්බියානු ආරක්ෂක අංශවලට සහාය දුන් බවට සැක කෙරුණු පුද්ගලයින් 96 දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහු වරදකරු වන බවයි.
කෙසේ නමුත් තාචි මෙම සියලු චෝදනා නැවත නැවතත් ප්‍රතික්ෂේප කර ඇත.