
පරීක්ෂණවලින් 'අධික බැර ලෝහ' පිළිබඳව වාර්තා වීමෙන් පසු ඉන්දියාවේ ඖෂධ නියාමක CDSCO ආයතනය විසින් පකිස්ථානයේ නිෂ්පාදිත රූපලාවන්‍ය ද්‍රව්‍ය දෙකක් සඳහා පාරිභෝගිකයින්ට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
මෙලෙස අනතුරු අඟවා ඇත්තේ, 'Goree Beauty Cream' සහ 'Chandni Whitening Cream' යන නිෂ්පාදන සඳහායි.
අදාළ නිෂ්පාදනවල අවශ්‍ය ආනයන ලියාපදිංචිය නොමැති බවත් ඒවායින් විෂ සහිත බලපෑම් ඇතුළු සෞඛ්‍ය අවදානම් ඇති කළ හැකි බවටත් මෙලෙස අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
ඒ අනුව ඉහත නිෂ්පාදන අලෙවි කිරීම, බෙදා හැරීම හෝ ප්‍රචාරය කිරීමට එරෙහිව ඉන්දියාවේ ඖෂධ නියාමක CDSCO ආයතනය විසින් ක්‍රියාමාර්ග ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.