ගෙවුණු කාලයේ වඩාත් කතාබහට ලක්වුණු, ලේඛක මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ 'මැයි මාර ප්‍රසංගය' නවකතාව ඇසුරෙන් නිර්මාණය වුණු 'මැයි මාර ප්‍රසංගය' ඉඟුරුමල් වර්ණ රිදීතිර සිතුවම නුදුරේදීම ඔබේ ඇස් මානයේ සිත්තම් වීමට නියමිතයි.
මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ අධ්‍යක්ෂණයක් වන චිත්‍රපටය, කුමාරි පණ්ඩිතරත්නගේ නිෂ්පාදනයකි.
'මැයි මාර ප්‍රසංගය' රිදී තිරයේ සිත්තම් කරනුයේ රොෂාන් රවීන්ද්‍ර, උමාලි තිලකරත්න, සේවියර් කනිෂ්ක, ශ්‍රියානි අමරසේන, විශ්වජිත් ගුණසේකර, රූපා පතිරණ, යශෝධා රසඳුනි, ප්‍රියංකා සමරවීර ඇතුළු ශිල්පීන් විසිනි.
ඊට ආරාධිත රංගනයෙන් චමල් රත්නායක සහ රංග ජයකොඩි (ජනයි-ප්‍රියයි) ද එක්වනු ඇති.