
යේමනයේ වරාය නගරයක් වන ඒඩන් (Aden) හි පිහිටි අල්-මාෂික් (al-Maashiq) ජනාධිපති මන්දිරය අසලට එල්ල වූ හූති මිසයිල ප්රහාරවලින් අවම වශයෙන් පුද්ගලයින් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරනවා.
ප්රහාරයෙන් තවත් 16 දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන්.
යේමන තොරතුරු අමාත්ය මොඅම්මර් අල්-එරියානිට (Moammar al-Eryani) අනුව, හූතිවරුන් විසින් අල්-මාෂික් ජනාධිපති මන්දිරය ඉලක්ක කර මිසයිල පහක් එල්ල කර ඇත.
අග්රාමාත්යවරයා සහ අනෙකුත් නිලධාරීන් සුරක්ෂිතව සිටින නමුත්, ප්රහාරයෙන් ඔහුගේ ආරක්ෂකයින් දෙදෙනෙකු මියගිය බව රජය පවසයි.
මෙම මන්දිරය සෞදි අරාබියේ සහාය ලබන, ජාත්යන්තරව පිළිගත් රජයේ මූලස්ථානය සහ බලයේ ප්රධාන මධ්යස්ථානය ලෙස සැලකේ.
ඒඩන් හි මෙම ප්රහාරය සිදු වූයේ, හූති සන්නද්ධ කණ්ඩායම සහ සෞදි සහාය ලබන හමුදා අතර, තායිස් (Taiz) හි සටන් තීව්ර වී ඇති පසුබිමකය.