
ඉන්දුනීසියාව දශකයකට වඩා වැඩි කාලයකින් පසු දරුණුතම ලැව්ගිනි තත්ත්වයකට මුහුණ දෙමින් සිටිනවා.
ජාවා දූපතේ ජාතික වනෝද්‍යානයක ගින්න නිවා දැමීමේ මෙහෙයුම්වල නිරතව සිටි සිව්දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට වන සංරක්ෂණ අමාත්‍යාංශය පවසනවා.
නැගෙනහිර ජාවා ප්‍රදේශයේ පිහිටි බ්‍රෝමෝ ටෙන්ගර් සෙමේරු ජාතික වනෝද්‍යානයේ ඊයේ (15) ඇති වූ ගින්නට හසුවීමෙන් මෙම පිරිස මියගොස් ඇති බව අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන්.
තවත් දෙදෙනකු බරපතළ පිළිස්සුම් තුවාල ලබා ඇති අතර, ඔවුහු මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිනවා.
මෙම වනගිනි තත්ත්වය ඉන්දුනීසියාවේ දේශසීමාවලින් ඔබ්බට ද පැතිර ගොස් ඇති අතර, අසල්වැසි රටවල් රැසක් දුමාරයෙන් වැසී ගොස් ඇති බව විදෙස් පුවත් සේවය වාර්තා කරයි.
මියගිය පුද්ගලයන්ගේ අනන්‍යතාව අමාත්‍යාංශය මෙතෙක් හෙළි කර නොමැත.
ගින්න මැඩපැවැත්වීම සඳහා කැපවී කටයුතු කරන නිලධාරීන්, ස්වේච්ඡා සේවකයන් සහ ප්‍රදේශවාසීන්ගේ ධෛර්යය හා කැපවීම අගය කරමින් අමාත්‍යාංශය සිය ශෝකය ද පළ කර තිබෙනවා.
වනගිනි සහ භූමි ගිනි නිවා දැමීම ඉහළ අවදානමක් සහිත මෙහෙයුමක් බව අවධාරණය කළ අමාත්‍යාංශය, ගින්න පැතිර යන ආකාරය හා සුළං දිශාව නිරීක්ෂණය කිරීම, හදිසි ඉවත් කිරීමේ මාර්ග සූදානම් කර තැබීම සහ මෙහෙයුම් ආරම්භ කිරීමට පෙර මෙන්ම ඒවා ක්‍රියාත්මක වන අතරතුර ද තත්ත්වය නිසි ලෙස තක්සේරු කිරීම අත්‍යවශ්‍ය බව සඳහන් කර ඇත.
සිංගප්පූරුව සහ මැලේසියාවට ආසන්නව පිහිටි සුමාත්‍රා සහ බෝර්නියෝ දූපත් මෙම ගින්නෙන් වැඩිම බලපෑමට ලක්ව ඇති ප්‍රදේශ අතර වනවා.
ඊයේ (15) රාත්‍රිය වන විට රට පුරා චන්ද්‍රිකා නිරීක්ෂණ මගින්
හඳුනාගත් ගිනි අවදානම් ස්ථාන 799ක් වාර්තා වී තිබෙනවා.
එය ඊට පෙර දිනයට සාපේක්ෂව ස්ථාන 427ක වැඩිවීමකි.