
ඉරානයේ මීළඟ උත්තරීතර නායකයා ලෙස අයතුල්ලා කමේනිගේ පුත් මොජ්ටාබා කමේනි (Mojtaba Hosseini Khamenei) තේරී පත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ඉරානයේ නායකයන් තෝරා පත් කර ගන්නා 88 දෙනෙකුගෙන් යුත් විශේෂඥ මණ්ඩලය (Assembly of Experts) විසින් රහසිගතව මෙම තීරණය ගෙන ඇති බව පැවසේ.
56 හැවිරිදි මොජ්ටාබා කමේනි, ඉකුත් පෙබරවාරි 28 වන දින එක්සත් ජනපද - ඊශ්‍රායල ඒකාබද්ධ ප්‍රහාරවලින් මියගිය අලි කමේනිගේ දෙවන පුත්‍රයායි.
මොජ්ටාබා කමේනි ප්‍රසිද්ධියේ පෙනී සිටින්නේ ඉතා කලාතුරකිනි. එහෙත් ඔහු ඉරානයේ "තිරය පිටුපස සිටින බලවතා" ලෙස වසර ගණනාවක් තිස්සේ හැඳින්වේ.