ඉන්දියාවේ කාශ්මීරයේ කිෂ්ට්වාර් දිස්ත්‍රික්කයට අයත් ගම්මානයකට බලපෑ හදිසි ගංවතුර තත්ත්වයකින්, අවම වශයෙන් පුද්ගලයින් 34 දෙනෙකු මියගොස් ඇති බවට විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරනවා.
මෙම ගම්මානය පිහිටා ඇත්තේ හිමාලයේ ප්‍රසිද්ධ සිද්ධස්ථානයකට යන කාර්යබහුල ප්‍රදේශයක බව සඳහන්.
ඒ අනුව අනපේක්ෂිත අන්දමින් ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව හමුවේ බලපෑ ගංවතුර තත්ත්වයෙන් වන්දනාකරුවන් ආරක්ෂා කරගැනීම උදෙසා, ඔවුන් ආරක්ෂිත ස්ථාන කරා යොමුකර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.
කෙසේ නමුත් මියගිය පිරිසට අමතරව තවත් පුද්ගලයින් 50 දෙනෙකු පමණ අතුරුදන්ව ඇති බවටත් වාර්තා වනවා.