
හෝමූස් සමුද්‍ර සන්ධියේදී ඉන්ධන නෞකාවක් පුපුරා ගොස් ඇති බව ඉරානයේ ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) පවසනවා.
මෙලෙස පුපුරා ගොස් ඇත්තේ, පැනමා ධජය සහිත 'El Gaia' නම් ඉන්ධන නෞකාව බව සඳහන්.
විදෙස් මාධ්‍ය වාර්තාවන්ට අනුව, පිපිරීමත් සමඟ මුළු නෞකාවම ගින්නෙන් විනාශව ගොස් ඇත.
කෙසේ නමුත් ඇමරිකානු හමුදාව එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කර ඇත.
ඔවුන් පෙන්වා දෙන්නේ, අදාළ නෞකාව පසුගිය මාසයේදී ඉරාන මිසයිල ප්‍රහාරයකට ලක්ව ක්‍රියා විරහිතව තිබූ බවත්, ඕමාන් වෙරළට ඔබ්බෙන් වූ මුහුදේ පාවෙමින් තිබියදී ඉරානය නැවතත් ඊට ඩ්‍රෝන ප්‍රහාරයක් ද එල්ල කළ බවයි.
ඒ අනුව IRGC විසින් මෙම අසත්‍ය ප්‍රකාශය මඟින් සමුද්‍ර සන්ධියේ වාණිජ නෞකාවලට බාධා කිරීමට උත්සාහ කරන බව අමෙරිකානු පාර්ශ්වය අවධාරණය කරයි.