
තායිලන්තයේ ඇතැම් ප්‍රදේශවලට වාර්තාගත වර්ෂාපතනයක් ලැබෙමින් පවතින බවට විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරනවා.
පවතින අයහපත් කාලගුණය හමුවේ, ගංවතුර තත්ත්වයක් ද හටගෙන ඇති අතර එමඟින් අවම වශයෙන් පුද්ගලයින් 18 දෙනෙකු මිය ගොස් ඇති බව සඳහන්.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, තායිලන්තයේ 'Hat Yai' නගරයට, වසර 300කට පසු වැඩිම වර්ෂාපතනයක් ලැබී ඇති බවත් එය දිනක් තුළ මිලිමීටර් 335ක් ලෙස වාර්තා වූ බවයි.
නොනවතින වර්ෂාව අසල්වැසි රටවලට ද හානිදායක ලෙස බලපා ඇත.
ඒ අනුව අයහපත් කාලගුණය හේතුවෙන් වියට්නාමයේ සතියක් තුළ මරණ සංඛ්‍යාව 91 දක්වා ඉහළ ගොස් ඇති අතර, මැලේසියාවේ 19,000 කට වැඩි පිරිසක් නිවාසවලින් ඉවත් කර ඇති බව සඳහන්.
තායිලන්තයේ මිලියන 2 කට අධික ජනතාවක් ගංවතුරෙන් පීඩාවට පත්ව ඇති බවත් 13,000 ක් පමණ පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමුකර ඇති බවත් වාර්තා වේ.
විදෙස් වාර්තාවන්ට අනුව, එරට අතිමහත් බහුතරයකට සහය දැක්වීම අසීරු තත්ත්වයක පවතී.