
දිල්ලි පිපිරීමෙන් දිවි අහිමි වූ පුද්ගලයින්ගේ ඥාතීන්ට ඉන්දීය රුපියල් ලක්ෂ 10 බැගින් වූ වන්දික් ලබාදෙන බව දිල්ලි මහ ඇමතිනී රේඛා ගුප්තා නිවේදනය කර තිබෙනවා.
ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් රේඛා ගුප්තා සඳහන් කරන්නේ, පිපිරීමෙන් ස්ථිර ආබාධිත තත්ත්වයට පත් වූවන්ට රුපියල් ලක්ෂ 5 ක වන්දියක් ද බරපතල තුවාල ලැබූවන්ට රුපියල් ලක්ෂ 2 ක් සහ සුළු තුවාල ලැබූවන්ට රුපියල් 20,000ක් ද ලබාදෙන බවයි.
එමෙන්ම සහන බෙදා හැරීමේ ක්‍රියාවලියට ප්‍රමුඛත්වය දෙන ලෙසත්, සුදුසුකම් ලත් සෑම පුද්ගලයෙකුටම කිසිදු ප්‍රමාදයකින් තොරව වන්දි ලැබෙන බවට වග බලා ගන්නා ලෙසත් අදාළ දෙපාර්තමේන්තු වලට අවධාරණය කර ඇති බවත් සඳහන්.
සඳුදා (10) සවස පැරණි දිල්ලියේ රතු බලකොටුව මෙට්‍රෝ දුම්රිය ස්ථානය අසල මෙම පිපිරීම සිදු වූ අතර, ඉන් පුද්ගලයින් 12 දෙනෙකු මිය ගොස් තවත් 20 දෙනෙකු තුවාල ලැබූ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.