රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුවදුක් බැලීම සඳහා අද (23) උදෑසන විපක්ෂ නායක, සජිත් ප්‍රේමදාස මහතා බන්ධනාගාර රෝහල වෙත පැමිණ තිබෙනවා.
එමෙන්ම සුජිත් සංජය පෙරේරා, ජේ.සී.අලවතුවල සහ මුජිබර් රහුමාන් ඇතුළු පිරිස ද රනිල් වික්‍රමසිංහ මහතාගේ සුවදුක් විමසීමට පැමිණ සිටියා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඊයේ (22) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.
එලෙස රක්ෂිත බන්ධනාගාර ගත කළ හිටපු ජනපතිවරයා රුධිර පීඩනය ඉහළ යාම සහ සීනි මට්ටම ඉහළ යාම හේතුවෙන් වෛද්‍ය උපදෙස් මත බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරුණා.