බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ශ්‍රීමත් කීර් ස්ටාර්මර්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුව තිබෙනවා.
ඒ, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේ නිල ඉන්දීය සංචාරය අතරතුරයි. මෙම සංචාරය ස්ටාර්මර්ගේ පළමු ඉන්දීය සංචාරය වීම විශේෂය.
ඒ අනුව ඉන්දියාවේ සිය පළමු නිල සංචාරය සනිටුහන් කරමින් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුව තිබුණේ, මුම්බායිහී දීයි.
විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ, මෙම සංචාරය දෙරට අතර ව්‍යාපාරික හා වෙළෙඳ සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට ඉවහල්වනු ඇති බවයි.
වෙළඳ සාකච්ඡාවලට අමතරව අගමැතිවරුන්ගේ කතාබහට යුක්රේනයේ යුද්ධය ද මාතෘකා වූ බව සඳහන්.