''The Ba***ds of Bollywood'' ඒ තමයි ෂාරුක් ඛාන්ගේ පුත් ආර්යන් ඛාන් අධ්‍යක්ෂණයෙන් සහ සම-රචනයෙන් ක්ෂේත්රයට පිවිසෙන පළමු නිර්මාණය.
ආර්යන් ඛාන් අධ්‍යක්ෂණය කරන ''The Ba***ds of Bollywood'' ගෞරි ඛාන්ගේ Red Chillies Entertainment නිෂ්පාදනයක්.
මෙම වෙබ් කතා මාලාවේ විශේෂ මංගල දර්ශනයක් (Premiere) මුම්බායිහිදී පැවැත්වුණා.
ඒ, බොලිවුඩයේ සුපිරි තරු පිරිවරාගෙන.
ඊට ආර්යන් එක්ක ෂාරුක් ඛාන්, ගෞරි ඛාන්, සුහානා ඛාන් සහ අබ්‍රම් ඛාන් ඇතුළු මුළු පවුලම සහභාගීව උන්නා.
ඒ වගේම කාජල්, අජේ දේව්ගන්, රන්බීර් කපූර්, ආලියා භාට්, මධුරි ඩික්සිත් සේ ම අම්බානි පවුල ඇතුළු බොලිවුඩයේ ප්‍රධාන පෙළේ තරු රැසක්ම සහභාගීව සිටියා.
මේ කතා මාලාව අද (සැප්තැම්බර් 18) සිට Netflix ඔස්සේ විකාශය කෙරෙනවා.
වාර්තා වන හැටියට මෙහි කතා තේමාව බොලිවුඩ් සිනමා කර්මාන්තයේ අභ්‍යන්තර ක්‍රියාකාරිත්වය, තරගකාරීත්වය, සහ කීර්තිය හඹා යන ආකාරය පිළිබඳ උපහාසාත්මක අන්තර්ගතයක් සහිත කතා මාලාවක්.
ලක්ෂ්‍යා ලාල්වානි, සහර් බම්බා, බොබී ඩියෝල්, ආන්යා සිං, මෝනා සිං, මනෝජ් පහ්වා ඇතුළු නළු නිළියන් රැසක් 'The Ba***ds of Bollywood' රසිකයින් හමුවට ගෙන එන පිරිස අතර වෙයි.
ඊට ෂාරුක් ඛාන්, සල්මාන් ඛාන්, අමීර් ඛාන්, රන්වීර් සිං, එස්.එස්. රාජමෞලි සහ කරන් ජෝහාර් වැනි ප්රමුඛ පෙළේ තරු කිහිප දෙනෙක්ම ආරාධිත රංගනයෙන් එක්වන බවත් සඳහන්.
මෙය ආර්යන් ඛාන්ගේ ප්‍රථම අධ්‍යක්ෂණය සහ තිර රචනය වන හෙයින්, එමඟින් බොලිවුඩ් කර්මාන්තය තුළ ඔහුගේ නව ආරම්භය සනිටුහන් කරනු ඇති.