මෙම වසර මුල පැවති Mrs. World තරඟාවලියේ ජයග්රාහිකාව ලෙස කිරුළු පැළඳි, දකුණු අප්රිකානු රූ රැජින හෙවත් වත්මන් ලෝක විවාහක රූ රැජින Tshego Gaelae ඊයේ (29) පස්වරුවේ මෙරටට පැමිණියා.
ඒ, මෙරට පැවැත්වෙන 2025 ශ්රී ලංකා විවාහක රූ රැජින තරගාවලියේ (Mrs Sri Lanka World - 2025 ) ප්රධාන විනිසුරුවරිය ලෙස කටයුතු කිරීම සඳහායි.
තරගාවලියේ අවසන් අදියර අද (30) දිනයේ සිට ඔක්තෝබර් 02 වැනිදා දක්වා කොළඹදී පැවැත්වීමට නියමිතය.
මෙරටට පැමිණි ලෝක විවාහක රූ රැජින පිළිගැනීම සඳහා, එම තරගය නියෝජනය කරමින් එහි දෙවන ස්ථානය දිනූ ලාංකේය විවාහක රූ රැජින ඉෂාදි අමන්දා, මෙරට ජාතික සංවිධායක චන්දිමාල් ජයසිංහ සහ මෙම තරගාවලියේ පුහුණුකරු රුක්මාල් සේනානායක ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.