සැප්තැම්බර් 27 සහ 28 යන දෙදින තුළ ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලා පරිශ්‍රයේදී, ඔබට ජාත්‍යන්තර චිත්‍රපට අත්දැකීමක් ලබාදීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.
ඒ, චිත්‍රපට උරුම පදනම සහ ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව සමඟ ඒකබද්ධව ප්‍රංශ තානාපති කාර්යාලය, FISCH (ප්‍රංශය-ඉන්දියාව-ශ්‍රී ලංකා සිනමා උරුමය) ව්‍යාපෘතිය යටතේයි.
මෙහිදී ප්‍රංශය, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යන රටවල ප්‍රතිසංස්කරණය කරන ලද චිත්‍රපට නොමිලේම ඔබට නැරඹිය හැකිය.