
චීනයේ Shenzhou-24 මිනිසුන් සහිත අභ්‍යවකාශ මෙහෙයුම සඳහා සහභාගී වන ගඟනගාමීන් තිදෙනා නම් කර තිබෙනවා.
ඒ අනුව, චීන ගඟනගාමීන් වන ටැන්ග් හොංබෝ, වු යේ සහ පාකිස්ථාන ගඟනගාමී මුහම්මද් සීෂාන් අලි එම මෙහෙයුමට එක්වීමට නියමිතයි.
එහි අණදෙන නිලධාරියා ලෙස ටැන්ග් හොංබෝ කටයුතු කරනු ඇතැයි චීන මිනිසුන් සහිත අභ්‍යවකාශ ඒජන්සිය නිවේදනය කර තිබෙනවා.
මෙම ගඟනගාමීන් තිදෙනා පිළිවෙළින් අභ්‍යවකාශ යානා නියමුවකු, පියාසර ඉංජිනේරුවකු සහ විද්‍යාත්මක පර්යේෂණ උපකරණ භාර විශේෂඥයකු ලෙස කටයුතු කරනු ඇති.
ටැන්ග් හොංබෝ මීට පෙර Shenzhou-24 සහ Shenzhou-17 මිනිසුන් සහිත අභ්‍යවකාශ මෙහෙයුම් සඳහා සහභාගී වී ඇති අතර, ඒ අනුව චීනයේ ටියැන්ගොං අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත තෙවරක් ගමන් කරන පළමු ගගනගාමියා බවට පත්වීමේ අවස්ථාව ඔහුට හිමිවනවා.
චීනයේ තෙවැනි කණ්ඩායමේ ගඟනගාමියකු වන වු යේ සිය පළමු අභ්‍යවකාශ මෙහෙයුමට එක්වීමට නියමිතයි.
පාකිස්ථාන ගඟනගාමී මුහම්මද් සීෂාන් අලි ටියැන්ගොං අභ්‍යවකාශ මධ්‍යස්ථානයට පිවිසෙන පළමු විදේශීය ගඟනගාමියා බවට පත්වනු ඇති.
Shenzhou-24 මිනිසුන් සහිත අභ්‍යවකාශ යානය හෙට (25) බෙයිජිං වේලාවෙන් පෙරවරු 8.18ට වයඹදිග චීනයේ ජියුචුවාන් චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයෙන් ගුවන්ගත කිරීමට සැලසුම් කර තිබෙනවා.
චීන මිනිසුන් සහිත අභ්‍යවකාශ ඒජන්සියේ ප්‍රකාශක ෂැං ජිංබෝ මේ බව මාධ්‍ය හමුවක දී සඳහන් කළා