
යේමනයේ තයිස් නගරය ආශ්රිතව පෙරමුණු කිහිපයක දැඩි සටන් තවදුරටත් පවතින අතර, නගරයේ බටහිර ප්රදේශවල තත්ත්වය වඩාත් උග්ර වී ඇති බව විදෙස් මාධ්ය වාර්තා සඳහන් කරයි.
හූති සටන්කාමීන් විසින් අතිශය විශාල ප්රමාණයකින් වෙඩි හා කාලතුවක්කු ප්රහාර එල්ල කරමින් සිටින බව යමනයේ තයිස් නගරයෙන් ලැබෙන වාර්තා පවසයි.
විශේෂයෙන්ම තයිස් නගරයේ බටහිර ප්රදේශ ඉලක්ක කරගනිමින් හූති පාර්ශ්වයෙන් එල්ල වන කාලතුවක්කු ප්රහාරවල ශබ්දය තවදුරටත් ඇසෙන බවද සඳහන්.
අඛණ්ඩව සිදුවන ෂෙල් ප්රහාර හේතුවෙන් ප්රදේශවාසීන් ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කරන ලෙස ඉල්ලීම් කරමින් සිටින බව වාර්තා වේ.
ගැටුම් හේතුවෙන් සිවිල් වැසියන් ද ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ධුබාබ් ප්රදේශයේ නිවාස පිහිටි ස්ථානයකට එල්ල වූ ෂෙල් ප්රහාරයකින් කුඩා දරුවෙකු මියගොස් ඇති බව වාර්තා වේ.
මේ අතර, සමියා පෙරමුණේදී සිකුරාදා දිනයේ හූති පාර්ශ්වය කඳුකර ප්රදේශයේ ඉදිරියට පැමිණ ඇති බවත්, අද දිනයේදීත් රජයේ හමුදා සහ හූති සටන්කාමීන් අතර දැඩි ගැටුම් පැවැත්වෙන බවත් විදෙස් මාධ්ය සඳහන් කරයි.
අඛණ්ඩ සටන් සහ ෂෙල් ප්රහාර හේතුවෙන් තයිස් අවට ප්රදේශවල සිවිල් ජනතාවගේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුව තිබේ.