
ඉරානයේ යටිතල පහසුකම්වලට එල්ල වන ඕනෑම ප්‍රහාරයකට ප්‍රතිප්‍රහාර
එල්ල කරන බවත්, එවැනි ක්‍රියාමාර්ග පිටුපස ඊශ්‍රායලය සිටියහොත්
ප්‍රතිචාරයෙන් ගැලවෙන්නේ නැති බවත් ඉරානයේ උසස් ආරක්ෂක
ප්‍රධානියෙක් අනතුරු අඟවා තිබෙනවා.
ඉරානයේ උත්තරීතර ජාතික ආරක්ෂක මණ්ඩලයේ ලේකම් මොහොමඩ්
බාගර් සොල්ගාද්ර් මෙම අනතුරු ඇඟවීම සිදුකර ඇත්තේ, එක්සත්
ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයේ විදුලි උපකරණ නිෂ්පාදන
මධ්‍යස්ථාන, විදුලි බලාගාර සහ මුහුදු ජල පිරිපහදු (Desalination)
පහසුකම් ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීමට සලකා බැලිය හැකි බව
ප්‍රකාශ කළ බවට පළ වූ වාර්තා සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින්.
"අපගේ යටිතල පහසුකම්වලට එල්ල වන ඕනෑම ප්‍රහාරයකට සමාන
ප්‍රතිචාරයක් ලබාදෙනවා... මෙම ආක්රමණික ක්‍රියා පිටුපස සිටින ඊශ්‍රායලය
අපගේ ප්‍රතිචාරයෙන් ගැලවෙන්නේ නැහැ," යැයි සොල්ගාද්ර් ප්‍රකාශ කොට
තිබෙනවා.
ජනාධිපති ට්‍රම්ප් "ලෝකයේ වැඩිම විවේචනයට ලක්වන නායකයා" ලෙස
හඳුන්වමින් අදහස් දක්වා ඇති ඉරානයේ උත්තරීතර ජාතික ආරක්ෂක
මණ්ඩලයේ ලේකම් මොහොමඩ් බාගර් සොල්ගාද්ර් ඉරාන ජනතාව ඉලක්ක
කර සිදු කරන ප්‍රකාශද විවේචනය කරනු ලැබුවා.
මේ අතර, කලාපීය ගැටුම් තවදුරටත් උත්සන්න වීම වැළැක්වීමේ අරමුණින්
කටාර් රාජ්‍යය මැදිහත් වී, ඇමරිකාව සහ ඉරානය අතර රාජ්‍යතාන්ත්‍රික
සම්බන්ධතා පවත්වාගෙන යාම සඳහා මැදිහත්වීමේ උත්සාහයන් ද
අඛණ්ඩව සිදුවෙමින් පවතින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.