
ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) විසින් චබහර් වරාය ආශ්රිත ප්‍රදේශයේ සිට ඕමාන මුහුදු කලාපය හරහා අරාබි මුහුදේ දක්වා විහිදෙන නාවික සීමා කලාපයක් ප්‍රකාශයට පත් කිරීමට සුදානම් වනවා.
එම සීමා කලාපය හරහා ගමන් කරන ඕනෑම නෞකාවකට සම්බාධක පැනවීමට කටයුතු කරන බවද IRGC ප්‍රකාශකයෙකු පවසා තිබෙනවා.
කෙසේ වෙතත්, එම සීමා කලාපයේ නිශ්චිත සීමා පසුව ප්‍රකාශයට පත් කරන බව ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා.
IRGC ප්‍රකාශකයා මෙම ප්‍රකාශය සිදුකර ඇත්තේ හෝර්මුස් සමුද්‍ර සන්ධියෙන් පිටත මුහුදු ප්‍රදේශයක නව සීමා කලාපයක් ඉදිරි දින කිහිපය තුළ ස්ථාපිත කිරීමට ඉරානය කටයුතු කරන බවට ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කිරීමෙන් අනතුරුවය.
ඉරානයේ ජාතික ආරක්ෂක මණ්ඩලයේ ලේකම් මොහ්සෙන් රෙසායි පසුගිය ඉරිදා ප්‍රකාශ කර සිටියේ හෝර්මුස් සමුද්‍ර සන්ධියෙන් පිටත මුහුදු ප්‍රදේශයක එම සීමා කලාපය ස්ථාපිත කරන බවයි.
නව සීමා කලාපයේ නිශ්චිත ස්ථානය, ප්‍රමාණය සහ එය ක්‍රියාත්මක වන කාලසීමාව සම්බන්ධයෙන් ඉරානය විසින් මෙතෙක් වැඩිදුර තොරතුරු ප්‍රකාශයට පත් කර නොමැත.