'සීනි මුරුක්කු' කියූ හැටියේම මතක් වෙන්නෙ කසුන් මහේන්ද්‍ර හීනටිගල බවට සැකයක් නෑ.
ඒ තරමට පෙරළියක් කළ කෘතියකි, 'සීනි මුරුක්කු'
නමේ හැටියට ම පොතත් රහ විත්තිය, ඊට ලැබුණු අසීමිත පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලියි.
සිංහල කෙටිකතා අලෙවි ඉතිහාසය තුළ, කසුන් මහේන්ද්‍රගේ 'සීනි මුරුක්කු' නව පිටුවක් පෙරළුවා කිව්වත් වැරදි නෑ.
එයාකාරයෙන් කතාබහට ලක්වුණු කෘතියට පසු කසුන් සිය පාඨකයින්ට තිළිණ කරන මීළඟ කෘතිය, 'මුද්දරස්පලං'
පොතේ කවරය මේ වෙද්දි එළිදක්වලයි තියෙන්නෙ. එය, ජනප්‍රිය නිළි යුරේනි නොෂිකාගේ චරිත නිරූපණයෙන් හැඩවුණු අපූරු කවරයක්.
කසුන් මහේන්ද්‍ර කියන නමත් එක්කම, ඊළඟට අපට මතක් වෙන නම මාධවී ඇන්තනී.
කසුන්ගේ සියලු කාර්යයන් පිටුපස සෙවණැල්ල සේ රැඳෙන ඈ, 'මුද්දරස්පලං' ද සිය සිතුවමින් හැඩකර ඇති බව සඳහන් කළ යුතුමයි.
'සීනි මුරුක්කු' මාධවියගේ 'කළු සුදු සිතුවම්වලින්' හැඩවෙද්දී, 'මුද්දරස්පලං' ඇගේ පාට පාට සිතුවම්වලින් සිත්තම්ව ඇති බව සඳහන්.
කෘතිය සැප්තැම්බර් 21 වැනිදා සවස 4ට කොළඹ සුදර්ශියේ නුග සෙවණේදී ඔබ අතට තිළිණ වනු ඇති.
මේ රසබර මොහොතේ කොටස්කරුවෙක් වීමට පොතට හිතැති, කලාවට ලැදි ඔබ සැමට කසුන් මහේන්ද්‍ර සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ විවෘත ආරාධනාවක් ද කර තිබුණා.
කසුන් - මාධවී යුවළ මේ රසබර හෝරා කිහිපය සුන්දර ම කරන්නට, කෛලාෂ් පුංචි පුතුවත් අරන් එන බවයි ආරංචිය.