නීතිවේදි කෞශාල් රණසිංහගේ කතාව අලලා 'නූ පෙරේරා' විසින් රචිත, "මන්දස්මිත" නවකතාව පසුගියදා (20) ජනගත කෙරුණා.
ඒ, නුගේගොඩ ජුබිලි කණුව DAST ආයතන පරිශ්රයේදීයි.
කෘතිය ජනගත කෙරෙන අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙසින් එක්ව සිටියේ ගත් කතුවරයෙක් සහ නිර්මාණකරුවෙක් වන උපුල් ශාන්ත සන්නස්ගල වන අතර එම අවස්ථාවට නීතිඥ අරිත වික්‍රමසිංහ, මෙරට මානව හිමිකම් ක්‍රියාකාරීන්, චිත්‍රපට අධ්‍යක්ෂකවරුන්, නිර්මාණකරුවන් සහ රංගන ශිල්පීන් ද එක්ව සිටියා.
''මන්දස්මිත'' මෙරට සිංහල බසින් ලියා මුද්‍රණය වූ පළමු සත්‍ය - සමරිසි සහ කුයර අයිතිවාසිකම් සහිත වාර්තාමය නවකතාවයි.
මේ කෘතියෙහි 2012 වසරේදී ''සමලිංගික'' අනන්‍යතා සහිත ප්‍රජාව ඉලක්ක කොට සිදුකළ දේශපාලන හිංසනයේ සිට සමාජයේ පසුගිය 2023 වසර දක්වා සිදුවූ සමාජ ක්‍රියාකාරකම් නීතිවේදී කෞෂාල් රණසිංහගේ කෝණයෙන් සහ ඔහුගේ පුද්ගලික අත්දැකීම් අනුසාරයෙන් අන්තර්ගතකොට ඇත.
කෘතිය 'ඉමාෂි' ප්රකාශනයකි.
කෘතිය පිළිබඳව අදහස් දැක්වූ නීතිඥ අරිත වික්‍රමසිංහ,
''මම විශ්වාස කරන දෙයක් තමයි සිංහල භාෂාවෙන් සමරිසි ප්‍රජාවගේ ජීවිතය ඇත්ත ජීවිතය පදනම් කරගෙන පොත් ලියවීම, නාට්‍ය සහ චිත්‍රපට හැදීම අවශ්‍යයි.
නැතිනම් අපේ ප්‍රජාව ඇතුළෙම අපි තනි වෙනවා. මොකද අපි අපිව කොහෙදිවත් දකින්නේ නැති නිසා.
අප මුලින්ම හඳුනා ගන්න ඕන දණ්ඩ නීති සංග්‍රහයේ තිබෙන 365 වගන්තිය. මේ වගන්තිය එන්නෙ බ්‍රිතාන්‍යය යටත් විජිත කාලයේ.
අද වෙනකොට බ්‍රිතාන්‍යය මේ වගන්ති ඉවත් කරලා.
මේ වගන්තියේ තියෙන්නෙ 'අස්වාභාවික ලිංගික චර්යා' සහ 365 (අ) වගන්තියේ තියෙන්නෙ 'තදබල අශෝබන ක්‍රියා'
නිසි නිර්වචනයක් නැති මේ පරණ නීති නිසා අද වෙනකොට සමලිංගික ප්‍රජාව පීඩනයකට ලක්වෙනවා..''