
හෝර්මුස් සමුද්‍ර සන්ධිය ආසන්නයට ළඟා වීමෙන් වළකින ලෙස ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව ඇමරිකානු නාවික හමුදා යාත්‍රා වලට අනතුරු අඟවා තිබේ.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් හෝර්මුස් සමුද්‍ර සන්ධිය ඇමරිකාවේ පාලනය යටතේ පවතින බවට කළ ප්‍රකාශයට අභියෝග කරමින් IRGC නාවික හමුදාවේ නියෝජ්‍ය දේශපාලන අණදෙන නිලධාරියා මෙම අනතුරු ඇඟවීම සිදුකර ඇත.
ඉරානයේ ෆාර්ස් පුවත් සේවය වාර්තා කළ පරිදි, IRGC නාවික හමුදාවේ නියෝජ්‍ය දේශපාලන අණදෙන නිලධාරියා ප්‍රකාශ කර ඇත්තේ, “හෝර්මුස් සමුද්‍ර සන්ධිය ඇමරිකානු පාලනය යටතේ නම්, ඔබේ යුද නෞකාවක් කිලෝමීටර් 100ක් ඇතුළතට ගෙන එන්න” යනුවෙනි.
හෝර්මුස් සමුද්‍ර සන්ධිය ආසන්නයට පැමිණෙන ඕනෑම ඇමරිකානු නාවික යාත්‍රාවකට ඉරාන හමුදා ප්‍රතිචාර දක්වන බව ඇමරිකානු හමුදා හොඳින් දන්නා බවද ඔහු සඳහන් කර තිබේ.
එවැනි සිදුවීම් පසුගිය දින කිහිපය තුළද සිදුව ඇති බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
ලෝකයේ ප්‍රධානතම තෙල් ප්‍රවාහන මාර්ගයක් වන හෝර්මුස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් ඇමරිකාව සහ ඉරානය අතර පවතින උණුසුම් තත්ත්වය මෙම ප්‍රකාශයත් සමඟ තවදුරටත් ඉහළ යා හැකි බවට අවධානය යොමුව තිබේ.