
ඉරානය විසින් ඇමෙරිකානු යුද නෞකාවකට අවස්ථා දෙකකදී ප්‍රහාර එල්ල කිරීමට ප්‍රතිචාර වශයෙන්, ඇමෙරිකානු හමුදා ඉරාන තෙල් ප්‍රවාහන නෞකා පහකට ප්‍රහාර එල්ල කර තිබෙනවා.
ඉන් එක් නෞකාවක් මුහුදුබත් වූ බව ඇමෙරිකානු මධ්‍යම හමුදා අණදෙන මූලස්ථානය (CENTCOM) ප්‍රකාශ කළා.
CENTCOM පවසන පරිදි, ඉරාන විප්ලවීය ආරක්ෂක බළකායට (IRGC) සම්බන්ධ ඉරාන තෙල් නෞකා හතරකට ගල්ෆ් ඔෆ් ඕමාන් මුහුදු කලාපයේදී ප්‍රහාර එල්ල කර ඇත.
තවත් නෞකාවකට ඉරානයේ ප්‍රධාන තෙල් අපනයන මධ්‍යස්ථානයක් වන ඛාර්ග් දූපත ආසන්නයේදී ප්‍රහාර එල්ල කර තිබෙනවා.
ප්‍රහාරයට ලක් වූ MT - Riesco නෞකාව පසුව ගල්ෆ් ඔෆ් ඕමාන් මුහුදේදී මුහුදුබත් වූ බවද CENTCOM සඳහන් කළා.
“ඉරානය දිගින් දිගටම ඇමෙරිකානු නාවික යාත්‍රාවලට පහර දීමට උත්සාහ කරනවා... ඔවුන් එසේ කරන සෑම අවස්ථාවකදීම හෝ එසේ කිරීමට උත්සාහ කරන සෑම අවස්ථාවකදීම ඔවුන්ගේ තෙල් නෞකා අහිමි වේවි,” යනුවෙන් කොලොම්බියාවේ සංචාරයක නිරතව සිටියදී ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ නවතම ප්‍රතිප්‍රහාර සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේදි පැවසුවා.
මේ අතර, ඇමෙරිකානු ප්‍රහාර එල්ල වීමට පැය කිහිපයකට පෙර ඉරාන නාවික හමුදාව හෝර්මුස් සමුද්‍ර සන්ධියේදී ඇමෙරිකානු මිනිසුන් රහිත සබ්මැරීනයක් අත්අඩංගුවට ගත් බව ප්‍රකාශ කර තිබුණා.
කෙසේ වෙතත්, CENTCOM ප්‍රකාශක ඇමෙරිකානු නාවික හමුදා කපිතාන් ටිම් හෝකින්ස් පැවසුවේ එම ජලය යට ඩ්‍රෝනය පැය 24කට වැඩි කාලයකට පෙර තාක්ෂණික දෝෂයකට ලක් වූ එකක් බවයි.
කලාපීය මුහුදු ප්‍රදේශ නිරීක්ෂණය කිරීම සඳහා මෙහෙයුම්වල යොදවා තිබූ එම ඩ්‍රෝනය පැරණි මාදිලියකට අයත් වූ එකක් බවත්, එහි සංවේදී තොරතුරු රැස් කිරීමේ හැකියාවක් නොතිබූ බවත්, රහසිගත සෝනාර් හෝ රේඩාර් උපකරණද එහි නොතිබූ බවත් හෝකින්ස් සඳහන් කළා.
ඇමෙරිකානු හමුදා කලාපීය මුහුදු ප්‍රදේශවල සිය මෙහෙයුම් අඛණ්ඩව සිදුකරමින් සිටින බවද ඔහු වැඩිදුරටත් පැවසුවා.
ඇමෙරිකාව සහ ඉරානය අතර මෙම නවතම ප්‍රතිප්‍රහාර මාලාව හේතුවෙන් මැදපෙරදිග කලාපයේ ආරක්ෂක තත්ත්වය මෙන්ම ගෝලීය බලශක්ති සැපයුම පිළිබඳවද දැඩි අවධානයක් යොමුව තිබෙනවා.