
දෙදිනක් තුල එල්ල වූ අමරිකානු ප්‍රහාරවලින් 14 දෙනෙකු මියගොස් තවත් 78 දෙනෙකු තුවාල ලබා ඇති බව ඉරාන බලධාරීන් පවසනවා. පසු ගිය දෙදින තුලදි ඉරානයේ ප්‍රාන්ත පහක ඉලක්ක 200 කට ආසන්න ප්‍රමාණයකට අමරිකානු ප්‍රහර එල්ලවී තිබෙනවා. ඉරාන සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශක හොසේන් කෙර්මන්පූර් සඳහන් කළේ, තුවාල ලැබූ පුද්ගලයින් 78 දෙනා අතරින් 47 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි. ඉතිරි පිරිස අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමෙන් අනතුරුව රෝහල්වලින් පිටව ගොස් ඇති බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කොට තිබෙනවා.