
අමෙරිකානු, 2026 මධ්‍යවාර මැතිවරණයේදී සෙනෙට් සභාවේ බලය දිනා ගැනීමට ඩිමොක්රටික් පක්ෂය සමත්ව ඇති බව Associated Press (AP) නිල පූර්ව නිගමන උපුටා දක්වමින් වාර්තා කරනවා.
එය ව්‍යවස්ථාදායක බලයේ දැවැන්ත වෙනසක් සනිටුහන් කරන්නකි.
ඒ අනුව ටෙක්සාස් (Texas), දකුණු කැරොලයිනා (South Carolina) සහ කැන්සාස් (Kansas) යන ප්රාන්තයන්හිදී ලැබූ පෙරළිකාර ජයග්‍රහණ ද සමඟින් සෙනෙට් සභාවේ මෙතෙක් පැවති රිපබ්ලිකන් පක්ෂයේ බලය අවසන් කිරීමට ඩිමොක්රටික් පක්ෂය සමත්ව තිබේ.
එම වාර්තාවන්ට අනුව, ඇතැම් ජයග්රහණයන් අතිශයින්ම විස්මයජනක ඒවා වේ.
නිදසුනක් ලෙස, දකුණු කැරොලිනා (South Carolina) ප්‍රාන්තයෙන් ඩිමොක්රටික් පක්ෂ සෙනෙට් සභිකයෙකු අවසන් වරට ජයග්‍රහණය කළේ 1998 වසරේදීය.
එමෙන්ම උතුරු කැරොලිනා (North Carolina) ප්‍රාන්තයේ ද එවැනිම බල පෙරළියක් සිදුව තිබේ. එමෙන්ම, ටෙක්සාස් හි ප්‍රාන්ත මට්ටමේ මැතිවරණයකින් ඩිමොක්රටික් පක්ෂය අවසන් වරට ජයග්‍රහණය කළේ 1994 වසරේදීය.
ප්‍රකාශිත ප්‍රතිඵලවලට අනුව, ඩිමොක්රටික් පක්ෂය බහුතර බලය ලබා ගැනීමට ප්‍රමාණවත් වන පරිදි අවම වශයෙන් ආසන 51 ක් තහවුරු කරගෙන ඇති අතර, තවත් ආසන කිහිපයක ඡන්ද ගණන් කිරීම තවමත් සිදු කෙරේ.
මෙම ප්‍රතිඵලය මගින් 2024 මැතිවරණයේදී රිපබ්ලිකන් පක්ෂය අත්කර ගත් වොෂින්ටන් ඩී.සී. හි ප්‍රධාන බල කේන්ද්‍රයන් තුන වන සෙනෙට් සභාව, නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සහ ජනාධිපති ධුරය යන තනතුරු තුනෙහි ම බලය රිපබ්ලිකන් පක්ෂය සතුව පැවති තත්ත්වය වෙනස් වනු ඇති.
මධ්‍යවාර මැතිවරණයේදී නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට වඩා සෙනෙට් සභාවේ බලය පෙරළීම දුෂ්කර වනු ඇතැයි අපේක්ෂා කෙරිණ. ඒ, ඡන්ද විමසීමට ලක්වන ආසන සංඛ්‍යාව අඩුවීම හේතුවෙනි.
වසර දෙකක ධුර කාලයක් හිමි නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ මන්ත්‍රීවරුන් මෙන් නොව, සෙනෙට් සභිකයින්ගේ ධුර කාලය වසර හයකි. එමෙන්ම සෙනෙට් සභිකයින් සඳහා වන මැතිවරණ පවත්වනු ලබන්නේ වරකට මුළු සෙනෙට් ආසන සංඛ්‍යාවෙන් තුනෙන් එකක් සඳහා පමණක් වන පරිදි වරින් වරය.
මෙම මධ්‍යවාර මැතිවරණ වටයේදී සෙනෙට් ආසන 35 ක් සඳහා ඡන්ද විමසීම පැවැත්විණි. ඒ සාමාන්‍ය මැතිවරණ 33 ක් සහ ඔහායෝ සහ ෆ්ලොරිඩා (Florida) හි පැවැති විශේෂ මැතිවරණ 2 ක් වශයෙනි. 2025 දී උපජනාධිපති ජේ.ඩී. වෑන්ස් (JD Vance) සහ රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ (Marco Rubio) ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දෙවන ආණ්ඩුවට එකතු වීමත් සමඟ එම ප්‍රාන්ත දෙකෙහි සෙනෙට් ආසන පුරප්පාඩු විය.
මධ්‍යවාර මැතිවරණයේදී අවම වශයෙන් ආසන 7 ක් දැඩි තරඟකාරී ආසන ලෙස සලකනු ලැබීය. ඇලස්කාව, අයෝවා, කැන්සාස්, මේන්, ඔහායෝ, ටෙක්සාස් සහ මිචිගන් යන ප්‍රාන්ත ඊට ඇතුළත් විය.
කෙසේ වෙතත්, ටෙක්සාස් සහ කැන්සාස් වැනි ප්‍රාන්ත රිපබ්ලිකන් බලකොටු ලෙස සලකනු ලබන බැවින්, ඒවා දැඩි තරඟකාරී කාණ්ඩයට ඇතුළත් වන්නේ කලාතුරකිනි. කැන්සාස් හි ඩිමොක්රටික් සෙනෙට් සභිකයෙකු අවසන් වරට තේරී පත් වූයේ 1932 වසරේදීය.