
ඇමරිකාව විසින් ඉරාන වරායන් වෙත නැවත වරක් නාවික අවහිරතාවයක් පැනවීමට එරෙහිව, මැදපෙරදිග කලාපයේ සියලුම බලශක්ති අපනයන කටයුතු නවතා දමන බවට ඉරානයේ ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) තර්ජනය කර තිබේ.
"මෙම කලාපයෙන් තෙල් සහ ගෑස් අපනයනය කිරීම එක්කෝ සැමටම විය යුතුය. නැතහොත් කාටවත්ම නොවිය යුතුය" යනුවෙන් ඔවුන් නිකුත් කළ නිවේදනයක සඳහන්.
මැදපෙරදිග කලාපය පුරා ඉරානය සහ ඇමරිකාව විසින් දින කිහිපයක් තිස්සේ එල්ල කරන ලද එකිනෙකාට එරෙහි ප්‍රතිප්‍රහාර මෙන්ම හෝමුස් සමුද්‍ර සන්ධියේ පාලනය තහවුරු කර ගැනීමට දෙපාර්ශවයම දරන උත්සාහයන් හේතුවෙන්, මුළු කලාපයම නැවතත් මහා පරිමාණ යුද්ධයක් කරා තල්ලු වීමේ තර්ජනයක් මතුව ඇත.
ජනාධිපති ට්‍රම්ප් විසින් ඉරානයට එරෙහිව නැවතත් අවහිරතා පනවන බව පසුගිය සඳුදා ප්‍රකාශ කළ අවස්ථාවේදී, හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නැව් සඳහා සියයට 20ක ගාස්තුවක් අය කරන බව ද පවසා තිබුණි.
කෙසේ වෙතත්, ගල්ෆ් කලාපයේ මිත්‍ර රටවලින් ලැබුණු ඉල්ලීම් සැලකිල්ලට ගනිමින්, අවහිරතා පැනවීමේ කටයුතු නැවත ආරම්භ කිරීමට පැය කිහිපයකට පෙර ඔහු එම බදු මුදල් අය කිරීමේ සැලසුම අත්හැර දමා තිබේ.