
කටාර් රාජ්‍යයේ හිටපු එමීර් (Father Emir) ෂෙයික් හමාඩ් බින් කලීෆා අල් තානි (Sheikh Hamad bin Khalifa Al Thani) අභාවප්‍රාප්ත වී තිබෙනවා.
අභාවප්‍රාප්ත වන විට ඔහුගේ වයස අවුරුදු 74 කි.
1995 සිට 2013 දක්වා කටාර් රාජ්‍යය පාලනය කළ ෂෙයික් හමාඩ්, බලශක්ති සම්පත්වලින් පොහොසත් එම රටේ දැවැන්ත අභිලාෂයන් සාක්ෂාත් කරගැනීමේ ප්‍රධාන නිර්මාණකරුවෙකු විය.
ඔහුගේ පාලන සමය තුළ, ජාත්‍යන්තර ප්‍රජාව තුළ කටාර් රාජ්‍යයේ තත්ත්වය ඉහළ නැංවීමට හේතු වූ ආර්ථික, සමාජීය සහ සංස්කෘතික සංවර්ධනයක් රට තුළ දැකගත හැකි විය.