
ප්‍රධාන තේරීම :
ඉරානයේ මීළඟ උත්තරීතර නායකයා තෝරා පත් කර ගැනීම සඳහා වගකිව යුතු ජ්‍යෙෂ්ඨ පූජක මණ්ඩලය පසුගිය අඟහරුවාදා රැස් වූ අතර, එහිදී මියගිය හිටපු නායක අයතුල්ලා අලි කමේනිගේ පුත් මොජ්තබා කමේනි (Mojtaba Khamenei) ප්‍රමුඛතම අපේක්ෂකයා ලෙස ඉදිරියට පැමිණ ඇති බව එම සාකච්ඡා පිළිබඳ දන්නා ඉරාන නිලධාරීන් තිදෙනෙකු ප්‍රකාශ කර ඇත.
පූජක මණ්ඩලය සලකා බලමින් සිටි බව එම නිලධාරීන් පැවසීය. කෙසේ වෙතත්, එවැනි නිවේදනයක් මගින් ඔහු එක්සත් ජනපදයේ සහ ඊශ්‍රායලයේ සෘජු ඉලක්කයක් බවට පත්වීමේ අවදානමක් ඇති වේ යැයි ඇතැම් පිරිස් බිය පළ කර ඇත.

විශේෂඥ මණ්ඩලය සහ ඊශ්‍රායල ප්‍රහාර :
විශේෂඥ මණ්ඩලය (Assembly of Experts) ලෙස හැඳින්වෙන මෙම පූජක මණ්ඩලය අඟහරුවාදා දින උදෑසන සහ සවස ලෙස අතථ්‍ය (Virtual) රැස්වීම් දෙකක් පවත්වා ඇත. නව නායකයා තේරීම සඳහා මෙම මණ්ඩලය රැස්වීමට නියමිතව තිබූ ෂියා ඉස්ලාමයේ ප්‍රධාන බල කේන්ද්‍රයක් වන කුම් (Qum) නගරයේ පිහිටි ගොඩනැගිල්ලකට ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කළ නමුත්, එම අවස්ථාවේදී ගොඩනැගිල්ල හිස්ව තිබූ බව ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායට (IRGC) අනුබද්ධ 'Fars' පුවත් ඒජන්සිය වාර්තා කළේය.
මොජ්තබා කමේනි : සෙවණැලි පාලකයා
ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ඉරානය සහ ෂියා ඉස්ලාමය පිළිබඳ විශේෂඥයෙකු වන වාලි නස්ර් (Vali Nasr) පවසන පරිදි, මොජ්තබා තෝරා ගැනීම පුදුම සහගත මෙන්ම තීරණාත්මක තේරීමකි.
"ඔහු දීර්ඝ කාලයක් තිස්සේ අනුප්‍රාප්තිකයා ලෙස සලකනු ලැබුවද, පසුගිය වසර දෙක තුළ ඔහු ඒ පිළිබඳ අවධානයෙන් ගිලිහී ගොස් තිබුණි. ඔහු තේරී පත්වුවහොත්, එයින් ගම්‍ය වන්නේ පාලන තන්ත්රයේ වඩාත් දැඩි මතධාරී 'විප්ලවවාදී ආරක්ෂක බලකායේ' පාර්ශවය දැන් බලය මෙහෙයවන බවයි." - වාලි නස්ර්
56 හැවිරිදි මොජ්තබා කමේනි යනු සිය පියාගේ අධිරාජ්‍යය පිටුපස රහසිගතව මෙහෙයුම් සිදු කළ බලවත් චරිතයකි.

ඔහු විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) සමඟ සමීප සබඳතා පවත්වන බව ප්‍රසිද්ධය.
පවතින අර්බුදකාරී අවස්ථාවේදී ඉරානය මෙහෙයවීමට අවශ්‍ය සුදුසුකම් ඔහු සතු බව පවසමින් ආරක්ෂක බලකාය ඔහුගේ පත්වීම සඳහා දැඩි බලපෑමක් කර ඇත.
මහජන ප්‍රතිචාරය සහ අනෙකුත් අපේක්ෂකයින්
තෙහෙරාන් නුවර විශ්ලේෂකයෙකු වන මෙහ්දි රහ්මති (Mehdi Rahmati) පවසන්නේ, ආරක්ෂක සහ හමුදා උපකරණ පාලනය කිරීම සහ සම්බන්ධීකරණය කිරීම පිළිබඳ ඔහුට ඇති හුරුපුරුදුකම නිසා ඔහු වඩාත් බුද්ධිමත් තේරීම වන බවයි. කෙසේ වෙතත්, මෙයට ජනතාවගෙන් එල්ල වන ප්‍රතිචාරය සුබදායක නොවිය හැකි බව ඔහු අනතුරු අඟවයි.
රජයේ ආධාරකරුවන් : ඔහුව දකින්නේ 'දිවි පිදූ' (Martyred) නායකයාගේ ඉදිරියට ගලා යාමක් ලෙස බැවින් ඔවුන් වහාම ඔහුට සහාය දෙනු ඇත.
රජයේ විරුද්ධවාදීන් : පසුගිය මාස කිහිපය තුළ 7,000කට අධික පිරිසක් මරා දැමූ පාලන තන්ත්රයේම දිගුවක් ලෙස ඔහුව දකිනු ඇත.
අවසාන අපේක්ෂකයින් :
අලිරේසා අරාෆි (Alireza Arafi) පූජකවරයෙකු සහ නීතිවේදියෙකු වන මොහු සංක්‍රාන්ති පාලන මණ්ඩලයේ සාමාජිකයෙකි.
සෙයියඩ් හසන් කොමේනි (Seyed Hassan Khomeini) ඉස්ලාමීය විප්ලවයේ නිර්මාතෘ අයතුල්ලා රුහොල්ලා කොමේනිගේ මුනුපුරාය.

මොවුන් දෙදෙනාම මධ්‍යස්ථ මතධාරීන් ලෙස සැලකෙන අතර, හසන් කොමේනි ඉරානයේ ප්රතිසංස්කරණවාදී කණ්ඩායම්වලට සමීප අයෙකි.
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රකාශය
වොෂින්ටනයේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී ජනාධිපති ට්‍රම්ප් පැවසුවේ, ඉරානයේ විභව නායකයින් ලෙස තම රජය සැලකූ බොහෝ පිරිසක් සෙනසුරාදා සිට මියගොස් ඇති බවයි.
"නරකම තත්ත්වය වන්නේ අප මෙතරම් දෙයක් කර තිබියදීත්, පෙර සිටි පුද්ගලයා වැනිම නරක අයෙකු නැවතත් බලයට පත්වීමයි. අපට එය සිදු වනු දැකීමට අවශ්‍ය නැත." - ඩොනල්ඩ් ට්‍රම්ප්
වැදගත් කරුණු :
විශේෂඥ මණ්ඩලය : පොදු මැතිවරණයෙන් තේරී පත්වන ජ්‍යෙෂ්ඨ ෂියා පූජකවරුන් 88 දෙනෙකුගෙන් සමන්විත වේ. උත්තරීතර නායකයා පත් කිරීම, අධීක්ෂණය සහ ඉවත් කිරීම මොවුන්ගේ වගකීමයි.
කමේනිගේ පවුල : සෙනසුරාදා එල්ල වූ ප්‍රහාරවලින් උත්තරීතර නායකයා සමඟ ඔහුගේ බිරිඳ සහ්රා ඇඩෙල් (Zahra Adel), මව මන්සූරේ කොජස්ටෙහ් බගර්සාදේ (Mansoureh Khojasteh Bagherzadeh) සහ ඔහුගේ පුතෙකු ද මියගිය බව ඉරාන රජය තහවුරු කර ඇත.
සටහන : මංජුල බස්නායක විසින්, නිව්යෝර්ක් ටයිම්ස් ඇසුරිනි