
රාජ්‍ය සංචාරයක් සඳහා චීනයට පැමිණ සිටින නැමීබියානු ජනාධිපතිනි Netumbo Nandi-Ndaitwah මහත්මිය මහත් හරසරින් පිළිගැනේ.
චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ප්‍රධානත්වයෙන් එම පිළිගැනීමේ උත්සවය පැවැත්වුණේ, බෙයිජිං අගනුවර පිහිටි මහජන මහා ශාලාවේදීය.
අනතුරුව දෙරටේ නායකයින් අතර ද්විපාර්ශ්වික සාක්ච්ඡා පැවැත්විණ.
චීනයත් නැමීබියාවත් අතර මිත්‍රශීලී සහයෝගීතාව ගැඹුරු කිරීම කාලෝචිත වන බවත් එමගින් යහපත් අනාගතයක් සඳහා අපේක්ෂා දල්වා ගත හැකි බවත් ජනපති ෂී ජින්පිං මහතා එහිදී පැවසීය.
එමෙන්ම නව යුගයේ පොදු ඉරණමක් සහිත චීන-නැමීබියානු ප්‍රජාවක් ගොඩනැගීම සඳහා එතුමා එහිදී යෝජනා තුනක් ද ඉදිරිපත් කළේය.
රාජ්‍ය පාලනය පිළිබඳ අත්දැකීම් හුවමාරුව වර්ධනය සහ එකිනෙකාගේ මූලික අවශ්‍යතා සහ ප්‍රධාන වශයෙන් සැලකිල්ලට ගත යුතු කාරණා ආශ්රිත ගැටළුවලදී අන්‍යෝන්‍ය සහයෝගය දැක්වීම අඛණ්ඩව පවත්වා ගැනීම ද ඒ අතර විය.
චීනය දැනටමත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පවත්වන අප්‍රිකානු රටවල් 53ට තීරුබදු රහිත ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කර තිබෙන බැවින්, නැමීබියාව ද සිය උසස් තත්ත්වයේ නිෂ්පාදන වැඩිවශයෙන් චීන වෙළඳපොළ වෙත කඩිනමින් ප්‍රවේශ කරවීම සඳහා, එය උපරිමයෙන් භාවිතයට ගනු ඇතැයි චීනය අපේක්ෂා කරන බවත් මෙහිදී සඳහන් විය.
එමෙන්ම නැමීබියාව ඇතුළු අප්‍රිකානු රටවල් සමඟ පතල් කැණීම් ආශ්රිත සහයෝගීතාව අඛණ්ඩව ශක්තිමත් කිරීමට චීනය කැමැත්තෙන් පසු වන බවද චීන ජනපතිවරයා අවධාරණය කර ඇත.
නැමීබියාව, චීනය සමඟ ඇති මිත්‍රත්වයට විශාල වැදගත්කමක් ලබා දෙන අතර, එකම චීනය යන මූලධර්මය ස්ථිර ව අනුගමනය කරන බව Netumbo Nandi-Ndaitwah ජනාධිපතිනිය එහිදී අවධාරණය කර සිටියාය.
අනතුරුව චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සහ නැමීබියානු ජනාධිපතිනි Netumbo Nandi-Ndaitwah මහත්මියගේ ප්‍රධානත්වයෙන් දෙරට අතර ද්විපාර්ශ්වික සහයෝගිතා ගිවිසුම් සඳහා අත්සන් තැබීමේ උත්සවයක් ද පැවැත්විණ.
ෂී ජින් පිං ජනාධිපතිවරයාගේ ආරාධනයකට අනුව, ඉකුත් 05 වැනිදා චීනයට පැමිණි Netumbo Nandi-Ndaitwah ජනාධිපතිනියගේ චීන සංචාරය අදින් (11) අවසන් වේ.