
පසුගිය සෙනසුරාදා (28) ඇමරිකානු - ඊශ්රායල ප්රහාරයකින් මියගිය උත්තරීතර නායක අලි කමේනි වෙනුවට නව නායකයෙකු පත් කිරීමේ ක්රියාවලිය "දීර්ඝ නොවනු ඇති" බවට ඉරානයේ විශේෂඥයින්ගේ සභාවේ සාමාජිකයෙකු ප්රකාශ කර තිබේ.
එම මණ්ඩලයේ සාමාජික අලි මොලෙමිට අනුව, නව නායකයා තේරීමේදී පුද්ගලික රුචිකත්වයන් හෝ දේශපාලන පක්ෂ කල්ලිවාදයන් සැලකිල්ලට නොගැනේ.
ආගමික මූලධර්මවලට අනුකූලව, මියගිය උත්තරීතර නායකයා වැනිම පෞරුෂයකින් හෙබි නායකයෙකු කඩිනමින් තෝරා ගැනීමට තම මණ්ඩලය කැපවී සිටින බව ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.