
හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) හරහා ගමන් කළ නෞකාවකට ඉරානය ප්‍රහාර එල්ල කිරීමෙන් පසු, තමන් ඉරානයට එරෙහිව නව ප්‍රහාර මාලාවක් දියත් කළ බව ඇමරිකාව පවසයි.
ඉරානයේ ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බළකාය (IRGC) ප්‍රකාශ කරන්නේ නැවත දැනුම් දෙන තුරු මෙම මුහුදු මාර්ගය වසා දැමූ බවයි.
රාජ්‍ය මාධ්‍යවලට අනුව, අදාළ නෞකාව එහි පද්ධති අක්‍රිය කර අනුමත මාර්ගයෙන් බැහැරව ගමන් කිරීම නිසා ඊට ප්‍රහාර එල්ල කර තිබේ.
සයිප්‍රස් රාජ්‍යයේ ධජය සහිත නෞකාවකට IRGC බලකාය විසින් "ප්‍රසිද්ධියේම ප්‍රහාර එල්ල කිරීමෙන්" පසුව, තමන් "මෙම සතිය තුළ එල්ල කළ තුන්වන ප්‍රහාර මාලාව" ක්‍රියාත්මක කළ බව ඇමරිකානු මධ්‍යම අණදෙන කාර්යාලය (Centcom) පවසයි.
මෙම සතිය මුලදී වාණිජ ටැංකි නෞකා තුනකට ප්‍රහාර එල්ල වීමේ සිදුවීම්වලින් පසුව, ඇමරිකාව සහ ඉරානය අතර අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රහාර හුවමාරු කර ගැනීම් මෙලෙස වර්ධනය වී ඇත.