
ඉරානයේ ස්වෛරීභාවයට එරෙහිව සිදුකරන ඇමෙරිකානු හමුදා ක්‍රියාකාරකම්
සඳහා සහාය ලබාදෙන ඕනෑම පාර්ශ්වයක් ඉරාන සන්නද්ධ හමුදාවන්ගේ
නීත්‍යානුකූල ඉලක්කයක් ලෙස සලකන බව ඉරානයේ ඛාතම් අල්-අන්බියා
මධ්‍යම මූලස්ථානය (Khatam al-Anbiya Central Headquarters) අනතුරු
අඟවනවා.
ඉරානයේ භූමිය හා ස්වෛරීභාවයට එරෙහි ඇමෙරිකානු හමුදා ආක්‍රමණයට
යම් ආකාරයකින් සහාය ලබාදෙන සියලු පාර්ශව ඉරාන සන්නද්ධ හමුදාවන්ගේ
ඉලක්ක බවට පත්වන බව ඉරාන හමුදා බලධාරීන් උපුටා දක්වමින් ටස්නිම්
පුවත් සේවය (Tasnim News Agency) වාර්තා කරනවා.
මෙම ප්‍රකාශයත් සමඟ කලාපයේ ආරක්ෂක තත්ත්වය තවදුරටත් උණුසුම්
වනු ඇති බවට විශ්ලේෂකයන් මත පල කරනවා.
මේ අතර, ගල්ෆ් සහයෝගීතා කවුන්සිලයේ (GCC) මහලේකම් ජාසෙම්
මොහොමඩ් අල්බුදයිවි, ඉරානය විසින් බහරේන් සහ කුවේට් වෙත එල්ල කළ
ප්‍රහාර දැඩි ලෙස හෙළා දැක තිබෙනවා.
මෙම ප්‍රහාර බහරේන් සහ කුවේට් රාජ්‍යයන්ගේ ස්වෛරීභාවය උල්ලංඝනය
කරන බරපතළ ක්‍රියාවක් වන අතර, එය එක්සත් ජාතීන්ගේ ප්රඥප්තිය සහ
ජාත්‍යන්තර නීතියද උල්ලංඝනය කරන බව ගල්ෆ් සහයෝගීතා කවුන්සිලයේ
මහලේකම්වරයා පවසනවා.
එමෙන්ම මෙම ප්‍රහාර කලාපීය සාමය සහ ආරක්ෂාව ස්ථාපිත කිරීමට ගෙන
යන ජාත්‍යන්තර හා කලාපීය උත්සාහයන්ට බාධා කරන ඉරානයේ අඛණ්ඩ
ප්‍රවේශය තහවුරු කරන බවද ගල්ෆ් සහයෝගීතා කවුන්සිලය ප්‍රකාශ කරනවා.