
හෝර්මුස් සමුද්‍ර සන්ධිය ආසන්නයේ සහ ඉරානයේ වෙරළබඩ ප්‍රදේශවල පිහිටි
හමුදා ඉලක්ක රැසකට ප්‍රහාර එල්ල කොට තිබෙනවා.
ඊයේ (14) රාත්‍රියේ සිට පැය 7 ක් පුරා මෙම මෙහෙයුම ක්‍රියාත්මක වූ බවත්
ඉරානයට එරෙහිව තවත් ගුවන් හා නාවික ප්‍රහාර මාලාවක් සාර්ථකව අවසන්
කළ බවට්ත් එක්සත් ජනපද මධ්‍යම අණදෙන මුලස්ථානය (CENTCOM) සඳහන්
කරනවා.
ප්‍රහාරක යානා, ඩ්‍රෝන යානා සහ නාවික යාත්‍රා යොදාගෙන ඉරානයේ මිසයිල හා
ඩ්‍රෝන මධ්‍යස්ථාන, නාවික පහ්සුකම් සහ වෙරළාරක්ෂක ආරක්ෂක පද්ධති ඉලක්ක
කර නිවැරදිව ප්‍රහාර එල්ල කළ බව මධ්‍යම අණදෙන මුලස්ථානය (CENTCOM)
පවසනවා.
මෙම ප්‍රහාරවල අරමුණ වූයේ, වාණිජ නෞකා සහ සිවිල් නාවික කාර්ය මණ්ඩලයට
තර්ජනයක් එල්ල කිරීමේ ඉරානයේ හැකියාව තවදුරටත් දුර්වල කිරීම බව
එක්සත් ජනපද මධ්‍යම අණදෙන මුලස්ථානය (CENTCOM) සඳහන් කළා.

එමෙන්ම, ඊයේ දිනම ඉරාන වරායන් වෙත ගමන් කරන හෝ එහි සිට පිටවන නෞකා සම්බන්ධයෙන් නාවික අවහිර කිරීමේ (Naval Blockade) මෙහෙයුම් නැවත ආරම්භ කළ බවද එක්සත් ජනපද මධ්‍යම අණදෙන මුලස්ථානය නිවේදනය කළා.